ගෝලීය කොරෝනා වසංගතය හුදු සෞඛ්‍ය කරුණක් ලෙස පමණක් තේරුම් ගැනීමට නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසනවා.
මදාරා ජයවර්ධන මෙනවිය විසින් රචනා කරන ලද සංහතික මාධ්‍ය විමංසා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අද (12) එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
කොරෝනාව සමග දැවැන්ත තොරතුරු හා ප්‍රචාරණ වැඩපිළිවෙළක් ද ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව ආචාර්ය ටියඩර් වීරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූවා.
කතුවරිය ජනමාධ්‍යවේදය පිළිබද විද්‍යාර්ථිනියක වන අතර වෘත්තීය මනෝ විද්‍යා උපදේශිකාවක ද වනවා.