මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා රථවාහන ධාවනය අවදානම් තත්ත්වයක පවතිනවා. හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය මාර්ගවල ස්ථාන කිහිපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවද පොලීසිය සදහන් කළා. ඇතැම් අවස්ථාවලදී මාර්ගය නොපෙනී යන නිසා වාහන ධාවනය කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි පොලීසිය පවසන්නේ.