fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ව ගෙදර යවන දෝෂාභියෝගයට කලින් නැන්සිගෙන් යෝජනාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2021 12:16

ට්‍රම්ප්ව ගෙදර යවන දෝෂාභියෝගයට කලින් නැන්සිගෙන් යෝජනාවක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට යෝජිත  දෝෂාභියෝගය ගෙන ඒමට ප්‍රථමයෙන්ම ඔහුව ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීමට කතානායක නැන්සි පෙලෝසි යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ අනුව උප ජනාධිපති මයික් පෙන්ස් හට ජනාධිපති බලතල පවරා ගන්නා ලෙස ඉල්ලමින් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම් වනවා. ඉන් අනතුරුවයි ට්‍රම්ප්ට විරුද්ධව චෝදනා ගොනු කිරීම ආරම්භ වන්නේ. පසුගියදා ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සිදු කිරීමට ජනතාව පෙළඹවීම ට්‍රම්ප්ට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි. එම විරෝධතා උසිගැන්වීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ සියලු සමාජ මාධ්‍ය ජාල අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2021 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්