හොරොයින් මිලි ග්‍රෑම් 6800ක් සමඟ සැකකරුවෙක් සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොරටුව එෙගාඩ උයන ප්‍ර දේශයේ දී යි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි සැකකරුවෙකු සහ ඔහුට සහය දුන් කාන්තාවක් මෙහිදී අත්අඩංගුවට පත් වූ බව එගොඩ උයන පොලිසිය පැවසුවා. සැකකරු සතුව තිබී ජංගම දුරකථනයක් සහ රුපියල් නවදහසක පමණ මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් බන්ධනාගාර අභ්‍යන්තරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක සාමාජිකයන් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුට විරුද්ධව පහර දීම් සම්බන්ධයෙන් නඩු දෙකක් සහ හෙරොයින් සම්බන්ධ නඩු දෙකක් අධිකරණයේ විභාග වන බවද පොලිසිය පැවසුවා.