පාස්කු ප්රහාරයට සම්බන්ධ ශ්රී ලාංකිකයින් තුන් දෙනෙකුට ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව සදහන් කළා.
මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛාන්, අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් නමැති තිදෙනාටයි.
මොහොමඩ් නවුෆර් නමැත්තා පාස්කු ඉරුදින ප්රහාරයේ මහමොළකරු ලෙස සැලකෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේයි. අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් මැද පෙරදිගදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ප්රහාරයෙන් අනතුරුවයි. ඔහු මෙරටට පිටුවහල් කෙරුණු අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙස ද හයාතු මොහොමඩ් හදුනාගෙන තිබෙනවා.
මොහොමඩ් නවුෆර් සහ අහමඩ් මිල්හාන් යන දෙදෙනාට ද ලොස්ඇන්ජලීස් අධිකරණය හමුවේ චෝදනා කිහිපයක් ගොනුකර තිබෙනවා.
පාස්කු ඉරිදා එල්ලවූ අයි එස් ත්රස්ත ප්රහාරයෙන් 268 දෙනෙකු මිය ගිය අතර ඊට ඇමෙරිකා පුරවැසියන් 5 දෙනෙකු ද අයත්.
තවත් 500කට ආසන්න පිරිසක් මෙහිදී තුවාල ලැබුවා.
කැලිෆෝනියා ප්රාන්තයේ ඇමෙරිකා රජයේ නීතීඥ නිකොලා ටී හැනා සදහන් කර ඇත්තේ ලොව ඕනෑම තැනකදී ඇමෙරිකානුවෙකු ත්රස්තවාදීන්ගේ ඉලක්කයක් වුවහොත් ඊට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගැනීමට ඇමෙරිකාව පසුබට නොවන බවයි.