ඊයේ (08) දිනය තුළ කොවිඩ් මරණ තුනක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 225 ක්.
මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්. හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.