අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට
Related Articles
අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූ අතර ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි.