ලොව ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වුණා.
ඔහුට ඇති වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 185 ක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2017 වසරේ සිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙසට වාර්තා අතරට එක්ව සිටි ජෙෆ් බෙසෝස් දෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 184 ක් ලෙසයි දැක්වෙන්නේ.
ලොව ධවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට පත්වූ ජෙෆ් බෙසෝස් සුප්‍රකට ඇමසන් සමාගමේ හිමිකරුවාද වනවා. ටෙස්ලාහි කොටස් මිල ඉහළ යාම හේතුවෙනුයි ඊලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසට පත්වුණේ.