කොරෝනා වයිරසය වැළදී දින 21 ත් 28ත් කාලය තුළ ෆයිසර් එන්නත ලබා ගැනීම සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණ උපදේශන කණ්ඩායම මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සදහන්. දින 21ත් 28ත් අතර කාලය තුළ මාත්‍රා දෙකකින් යුතු මෙම එන්නත කොරෝනා වැළදි පුද්ගලයෙකු ලබාගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත සියයට අනූපහක ක්රියාකාරීත්වයක් පෙන්වා තිබෙනවා. එන්නත ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක ජනතාවට බෙදා දෙමින් පවතින බව සදහන්.