fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේකබ් බ්ලේක්ට වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් වරදකරුවන් නොවන බව ඇමෙරිකා දිස්ත්‍රික් අධිකරණය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2021 10:06

ජේකබ් බ්ලේක්ට වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් වරදකරුවන් නොවන බව ඇමෙරිකා දිස්ත්‍රික් අධිකරණය තීරණය කරයි

ඇමෙරිකාවේ කළු ජාතික ජේකබ් බ්ලේක් නම් පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට සුදු ජාතික පොලිස් නිලධාරීන් වරදකරුවන් නොවන බවට තීරණය කර තිබෙනවා.

ජේකබ් බ්ලේක් පිහියක් සහ තවත් ආයුධයක් අතැතිව සිටි බැවින් ඔහුට කිහිප වරක් වෙඩි තැබීමට සිදු වූ බවයි ඇමෙරිකා පොලීසිය සඳහන් කළේ. ඔහුගේ ඉනෙන් පහළ කොටසට පොලීසිය මෙසේ වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ බ්ලේක්ගේ මෝටර් රථය තුළ ඔහුගේ කුඩා දරුවන් තුන්දෙනාද සිට තිබෙනවා. සිද්ධිය පිළිබඳ නියෝගය ලබා දුන් ඇමෙරිකා දිස්ත්‍රික් අධිකරණයක් ප්‍රකාශ කළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිඳු අපරාධමය සාක්ෂියක් නොමැති බවයි. මේ සිද්ධියත් සමඟ ඇමෙරිකාව පුරා නැවතත් කළු ජාතිකයින්ට එරෙහිව සුදු ජාතිකයින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරමින් විරෝධතා  ආරම්භ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2021 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්