fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2-0ක් ලෙස ටෙස්ට් තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2021 17:18

2-0ක් ලෙස ටෙස්ට් තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවති දෙවන ටෙස්ට් තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය තහවුරු කර ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 157 ක් පමණයි. ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා  ක්‍රීඩකයින් හත් දෙනෙකු ලකුණු දහයේ සීමාවට අඩුවෙන් දැවී යාම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී ඇන්ඩ්රිච් නෝර්ජා ලකුණ 56 කට කඩුලු 6 යි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 302 ක් රැස් කිරීමට සමත් වුණා.  එහිදී ඩීන් එල්ගර් පන්දු 163 කදී ලකුණු 127 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 101 කට කඩුලු 5 ක් බිද හෙලීමට සමත් විය.

ලකුණු 145 ක් පසු පසින් සිටිමින් දෙවෙනි ඉනිම ආරම්භ කළ  ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 211 ක් පමණයි. එහිදී පන්දු 128 කදී ලකුණු 103 ක් රැස් කිරීමට දිමුත් කරුණාරත්න  සමත් වුණා. පන්දු යැවීමේ දී  ලුංගි එංගිඩි කඩුලු 4 ක් බිද හෙළීමට සමත් විය.

ලකුණු 67 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී  ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2021 17:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්