හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නා.
හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සදහායි උපුල් දිසානායක මහතා පත් කෙරුණේ.
1997 වසරේ දී නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මෙයට පෙරද හපුතලේ නගරාධිපති ධූරයේ කටයුතු කළා. රාජ්‍ය අමාත්‍ය තේනුක විදනගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සෙනරත් යන මහත්තුරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.