මීළඟ මැතිවරණය නව ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුයි
Related Articles
මෙරට පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරණය නව ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කඹුරුපිටියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී මෙම රැස්වීම පැවැත්වුණා. පසුගිය වසරේ සහ මේ වසරේ කඹුරුපිටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ සඳහා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.