fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 458ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2021 11:19

ඊයේ (04) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 468 දෙනෙක් හදුනාගත්තා. ඔවුන්ගෙන් 467 දෙනෙක්ම දේශීයව හදුනාගත් පුද්ගලයින්.

ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 468 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 183 ක්.මට්ටක්කුලියෙන් ආසාදිතයින් 82 දෙනෙකු හදුනා ගැනුණා. කොම්පඤ්ඤවීදියෙන් 27 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 18 දෙනෙක් , කොල්ලුපිටිය සහ වැලිකඩ බන්ධනාගාරවලින්  12 දෙනෙකු බැගින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුව ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයෙන්  වාර්තා  වූ අතර එම සංඛ්‍යාව 73ක්. මැනික්හින්නෙන් 30 දෙනෙකු,  තෙල්දෙණියෙන් 10 දෙනෙකු, කටුගස්තොටින් 05 දෙනෙකු එම ආසාදිතයින්ට ඇතුළත්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 73 ක් හදුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ රාගමින්. එම සංඛ්‍යාව 19 ක්. කැළණිය සහ මීගමුව ප්‍රදේශවලින් 12 දෙනා බැගින් වාර්තා  වුණා. අනෙකුත් ආසාදිතයින් 139 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වූ බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.

අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුණේ 41476 ක් ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව 45242ක්. 7210 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 37817 ක්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2021 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්