ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.මෙම සංචාරය ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයයි.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ලබන 07 වනදා තෙක් මෙරට රැඳී සිටිනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද එස්.ජයශංකර් මහතා සැළසුම් කර තිබෙනවා. විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කරන්නේ. 2021 වසරේ ශ්‍රී ලංකාවට සිදු කෙරෙන ප්‍රථම ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලෙස මෙය සැළකෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම සංචාරය සිදු කෙරුණු ඇති.