ලෝක බලවතා වී සිට නික්ම යන්නට සැරසෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ලෝකයේ පුවත් මවන චරිතයක් බවට පත්ව තිබෙනවා. ජෝර්ජියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහු මැතිවරණ නිලධාරියකුට අමතා ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් පටිගත වූ හඩපටයක් ද ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත සිද්ධිය සම්බන්ධයෙන් හෙළි දරව් කිරීම සිදු කළා. තම ජයග්‍රහණය සදහා ඡන්ද 11780 ක් සොයා ගැනීමට අවශ්‍ය බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවද නිලධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත සදහන් කරන්නේ. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ 117 වෙනි සෙනෙට් සභාව සදහා සභිකයන් දිවුරුම්දීම සිදු කළා. අභියෝගකාරී කාලවකවානුවකදී මෙම දිවුරුම්දීම සිදු කිරීමට ලැබුණු බවයි සෙනෙට් සභාවේ බහුතරය නියෝජනය කරන කණ්ඩායමේ නායක මිච් කොනෙල් පැවසුවේ. එමෙන්ම ඇමෙරිකාවේ කතානායක ධූරයට 4 වන වරටත් නැන්සි පෙලෝසි පත් වුණා. ඇමෙරිකාවේ කොංග්‍රසය තුළ පැවති දැඩි බෙදීම් මධ්‍යයේ ඇයට කතානායක ධූරය සදහා පත්වීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට හැකි වුණා. පෙලෝසි මේ වන විට අසූහය හැවිරිදි වියේ පසුවනවා. ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇයට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා.