නයිජර් රාජ්‍යයේ දුෂ්කර ගම්මාන දෙකක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෑත ඉතිහාසයේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් ඉස්ලාම් අන්තවාදී කොටස් සිදු කළ දරුණුතම ප්‍රහාරය මෙය බවයි එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු සඳහන් කරනවා. අල්කයිඩා හා ISIS ත්‍රස්ත සංවිධාන තම ක්‍රියාකාරකම් බහුලවම සිදු කරන රාජ්‍යයක් ලෙස නයිජර් රාජ්‍ය හැඳින්විය හැකියි. ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් අන්තවාදී කොටස් වෙත පැවරුණ ද එය මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.