දකුණු අප්රිකානු පන්දු යවන්නන් ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 157 කට සීමා කරයි
Related Articles
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 157 කට සීමා කිරීමට දකුණු අප්රිකානු පන්දු යවන්නන් අද සමත් වුණා.
දකුණු අප්රිකාවේ ජොහැන්නස් බර්ග් හීදි පැවැත්වෙන තරගයේ දකුණු අප්රිකා කණ්ඩායම සිය ප්රථම ඉනිම මේ වනවිට ක්රීඩා කරමින් සිටිනවා.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ලෙස ලකුණු රැස් කරන්නනට දකුණු අප්රිකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. නායක දිමුත් කරුණාරත්න ලකුණු දෙකකට දැවී ගියා. කුසල් මෙන්ඩිස්ට ලකුණු ලබා ගැනීමේ අවස්ථාව නොලැබුණු අතර ලහිරු තිරිමාන්න රැස් කළේ ලකුණු 17 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් ෙපරේරා ලකුණු හැටක් රැස් කළා. විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ ඇන්ඩ්රික් නෝචේ ලකුණු පනස් හයකට කඩුලු හයක් බිද දැමුවා.