යහපාලන සමයේ විනාශයට පත් කළ සතොස ආයතනය නැවත ශක්තිමත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අනුරාධපුර නගරය ආර්ථික මර්මස්ථානයක් බවට පත් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අනුරාධපුර සතොස තොග ගබඩා සංකීර්ණය නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය එච් එම් චන්ද්‍රසේන , රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මිතුරු සමාගම්වලට පහසුකම් සැලසීමේ අරමුණින් අනුරාධපුර සතොස තොග ගබඩා වැනි ගබඩා සංකීර්ණ පසුගිය රජය සමයේ වසා දැමීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/BKUvKI_So5I”]