අවුරුදු ගිනිකෙළි නිසා පක්ෂීන් හෘදයාබාධවලින් මියයයි
Related Articles
රෝමයේදී මිය ගිය පක්ෂීන් විශාල සංඛ්‍යාවක් ඉතාලි අගනුවරින් සොයා ගැනුණු බව වාර්තා වනවා.
නව වසර උදාවත් සමග පැවති ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් මෙම පක්ෂීන් මිය යන්නට ඇති බවටයි සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කරන්නේ. ඉතාලියේ පිහිටි දුම්රිය ස්ථානයක අසල මාර්ගවල මෙලෙස කුරුල්ලන් බිම වැටී මිය යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ද සංසරණය වනවා.
පක්ෂීන් හෘදයාබාධවලින් මිය යාමට අධික ශබ්දය හේතුවක් වන්නට ඇති බවයි සත්ත්ව සංවිධාන පෙන්වා දෙන්නේ.
වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නීති උල්ලංඝනය කරමින් ඉතාලි වැසියන් නව වසර උදාව සමරන්නට කටයුතු කළා. එහි වූ ගිනිකෙළි සංදර්ශන ආදිය ද මෙලෙස සතුන් මිය යාමට හේතුවක් වී තිබෙනවා.