fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ 7කට කොරෝනා

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2021 12:16

පෑලියගොඩ නව මැනිං වෙළෙදපොළ ආශ්‍රිතව සිදු කළ පී සී ආර් පරික්‍ෂණවලදී පුද්ගලයන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන පී.සී.ආර්. පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.

මේ අතර  හුදෙකලා කළ පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙන් හා උඩුමුල්ල පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ගලගෙදර නැගෙනහිර ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 3 දෙනෙකු හා ඇගලුම් කම්හලේ කොරෝනා ආසාදිත වූවන්ගේ ආශ්‍රිතයන් 5 දෙනෙකු ද මෙසේ හදුනා ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගම මහතා සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2021 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්