ඇෆ්ගනිස්ථානයේ ගතවූ මාස දෙකක කාලය තුළ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇෆ්ගනිස්ථානය තුළ කි‍්‍රයාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් සිදුකරන ප්‍රහාර හේතුවෙන් ඊයේ (01) දිනයේත් මාධ්‍යවේදියෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එරට ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෙකු මධ්‍යම පළාතේ ගෝර් ප්‍රදේශයේදී එසේ මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන බොහෝ ඝාතන වලට තලෙයිබාන් සංවිධානය සම්බන්ධ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.