වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්ටොන් තිස්දහසක් අලෙවි කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් වංචා සහගත ලෙස කොමිස් මුදල් ලබාගත් පුද්ගලයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ. මේ පිළිබද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිලි කළා
ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් පසුගිය 24 වනදා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමිස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීම අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zDh3J220FmM”]