කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනාගෙන් එක් අයෙකු සොයාගෙන තිබෙනවා.
පොළොන්නරුව ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් පළාගොස් තිබුණේ අද අලුයමයි.
මෙම බන්ධනාගාර රැදවූවන් 5 දෙනා මීගමුව බන්ධනාගාරයේ සිට කෝවිඩ් ආසාදිත විම හේතුවෙන් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර සිටියා. ඉන් පලාගොස් සිටියදී සොයාගැනීමට හැකිවී ඇත්තේ වෙන්නප්පුව, නැගෙනහිර වාඩිය, සුදුවැල්ල පාර ලිපිනයේ පදිංචි මද්දුමරාලලාගේ කවිදු මධුෂාන් යන අයයි.