වාරි සෞභාග්‍යා ජාතික වාරිමාර්ග සංවර්ධන වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ වුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
වාරි සෞභාග්‍යා ජාතික වාරිමාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් වැව් 26 ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා.මෙහි ආරම්භය සිදු කෙරුණේ බණ්ඩාරවෙල කුරුකුදේගම පනංගල වැවේ ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කරමින්. අක්කර අඩි 241 ක ධාරිතාවකින් යුත් මෙම වැව ප්රතිංස්කරණය කිරීමෙන් තවත් අක්කර අඩි 24 ක ධාරිතාවක් ඊට එක් කෙරෙනවා. කුඹුරු සහ එළවළු වගා කරන ගොවීන් 4000 කට වැඩි පිරිසක්ට ඉන් සෙත සැළසෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RQI49TXNsJ4″]