දකුණු අප්රිකාව ඉදිරියේ ශ්රී ලංකාව අසරණ වෙයි
Related Articles
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් වුණා.
දකුණු අප්රිකාවේ සෙන්චූරියන්හි සුපර් ස්පෝටර් පාර්ක් ක්රීඩාංගනයේදී තරගය පැවැත්වුණේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 396 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස දකුනු අප්රිකා කණ්ඩායම ලකුණු 621 ක් ලබාගත්තා. දකුණු අප්රිකා පළමු ඉනිමට වඩා ලකුණු 225 ක් පිටුපසින් සිටි ශ්රී ලංකා කණ්ඩායම් දෙවන ඉනිම ආරම්භ කරමින් ලකුණු ලබාගැනීම සිදු කළ ද සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 180 ක් පමණයි. කුසල් පෙරේරා ලකුණු 64 ක් ද වනිදු හසරංග ලකුණු 59 ක් ද ලබාගත්තා. ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාට දෙවන ඉනිම සදහා පන්දුවට පහරදීමේ අවස්ථාව අහිමි වුණා.