fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරිපා වන්දනා සමය ඇරඹෙයි – සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කිරීම අනිවාර්‍යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2020 10:31

සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වෙනවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, සදාතුක කරඩුව හා දේවාභරණ රැගත් රිය පෙරහැර ඊයේ පස්වරුවේ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත ළගා වුණා. මෙවර ශ්‍රී පාද පෙරහැර මාර්ග 4ක් ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ළඟා වුණේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ලබා දුන් උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්. නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ පා ගමනින් වැඩම කරවීම ලක්‍ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙබලුන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

මේ අතර ශ්‍රී පාද වන්දනාවට එක්වන පිරිස් සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ලබා දී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2020 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්