fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 11:50

කොරෝනා වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට රජයේ අවධානය යොමු වුණා. මේ යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වුණා.

මාස නවයකට පසු විදේශ සංචාරකයන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ගුවන් යානය යුක්රේනයේ සිට අද පස්වරු දෙකයි හතට දිවයිනට ළගා වුණා. ඒ මත්තල ගුවන් තොටුපොලෙනුයි. කාර්ය මණ්ඩලයේ 11 දෙනාට අමතරව සංචාරකයන් 185 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණියා. අද සිට ලබන ජනවාරි 24 වනදා දක්වා නියාමන ව්‍යාපෘතියක් ලෙස විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.  මේ යටතේ විදෙස් සංචාරකයන් රැගත් ගුවන් යානා 13 ක් මත්තල ගුවන්‌ තොටුපොලෙන් ඉදිරියේදී දිවයිනට ලගා වීමට නියමිත බව සීමා සහිත ගුවන් තොටුපොල හා සේවා සමාගම පවසනවා.  මේ අතර චෙන්නායි සිට නාවික කාර්ය මණ්ඩලයේ දාහත් දෙනෙකු රැගත් යානයක් ද අද අලුයම මත්තල ගුවන්තොටුපොළට ළගා වුණා. එයා ඉන්ඩිගෝ මෙම යානය යළි චෙන්නායි බලා පියාසර කෙරුණේ එවැනිම මගීන් කිහිප දෙනෙකු ද රැගෙනයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්