ගතවූ පැය විසි හතරට රටවල් දෙසීය දහ අටකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ දස දහස ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා. එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ දිනෙය්දී මිය ගිය සංඛ්‍යාව හත් දහස් හතලිස් එකක් බවයි එම සංවිධානය නිවේදනය කරන්නේ. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට කෝටි එකොල් ලක්ෂ හතලිස් දෙදහස ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දහ අට ලක්ෂයකට ආසන්නයි. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ පළමු හා දෙවන ස්ථානවල ඇමෙරිකාව හා ඉන්දියාව පසුවනවා. ඇමෙරිකාවෙන් ආසාදිතයින් එක් කෝටි අනූ පන් ලක්ෂ හැත්තෑ තුන් දහස් අටසිය හතලිස් හත් දෙනෙකු හමුවී ඇති අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි දෙලක්ෂ අටදහස් හත්සිය විසි පහක්.
ගතවූ පැය 24 ට රටවල් 218 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ දස දහස ඉක්මවා යයි
කියවීමට මිනිත්තු 1