රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් පොලීසිය සහ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් ප්රමාණය කිලෝග්රෑම් 360 ක්.
කන්කසන්තුරේ මුහුදු වෙරළේ තිබියදී සහ මුහුදේ පාවෙමින් තිබියදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබෙනවා. කන්කසන්තුරය පොලිසිය සහ උතුරු නාවික විධානයට අයත් සෙබලුන් ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා තොගය සොයා ගත්තද සැකකරුවන් මෙතෙක් හෙළිව නැහැ. ඉන්දියාවේ සිට මුහුදු මගින් බෝට්ටුවලින් රැගෙනවිත් නාවික හමුදා සෝදිසි කිරීම් හමුවේ කේරළ ගංජා තොගය දමා සැකකරුවන් පළා යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.