fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 10:00

දකුණු අප්‍රිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා තිබෙනවා. ඒ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්ම වූ 18වන රට බවට පත්වෙමින්.

කොරෝනා වයිරස නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී දින කිහිපයක් ඇතුළත වයිරස ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ වේගය 39%කින් පමණ ඉහළ ගොස් ඇති අතර දෛනිකව ආසාදිතයින් වාර්තාවීමේ අගය දාහතර දහසක් පමණ ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ සමඟම එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති සිරිල් රමපෝෂා නව නිරෝධායන නීති හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,004,413ක් වන අතර වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26,735ක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්