සම්මානිත මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා අභාවප්‍රාප්ත වෙයි
Related Articles
මෙරට බිහි වූ විශිෂ්ඨතම ඉතිහාසඥයකු වන සම්මානිත මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට 99 හැවිරිදි වියේ පසු වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉතිහාසය, පුරාවිද්‍යාව හා සිංහල අභිලේඛණ විෂයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. ශාස්ත්‍රීය ග්රන්ථ 15 ක් සහ ශාස්ත්‍රීය ලිපි 245 කට වැඩි සංඛ්‍යාවක් රචනා කර ඇති ඒ මහතා මෙරට ඉතිහාසය මතුකර දැක්වීම සඳහා සිය පර්යේෂණ තුළින් කටයුතු කළා. කලක් ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර ද හෙබවූවා.