නව ව්‍යවස්ථාව ගෙන ඒමට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව මහා සංඝ රත්නය පවසනවා. පළාත් සභා ක්‍රමයට මහා සංඝ රත්නය විරෝධය පළ කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික විද්වත් භික්ෂු සංසදය පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/4Mx9W3FZRmA”]
මේ අතර රට ව්යාකූලකාරී තත්ත්වයක පවතිද්දී මැතිවරණ පැවැත්වීමෙන් වළකින්නැයි මල්වතු අස්ගිරි උභයමහා විහාර මහාසංඝරත්නය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rlDJ7rzdP0w”]
පළාත් සභාමැතිවරණය නොපැත්විය යුතු බවට රජයට බලකරන ලියවිල්ලකට අත්සන් ගැනීම සදහා ජාතික සංවිධාන එකමුතුව අද දින මල්වතු අස්ගිරි මහාවිහාරය වෙත පැමිණියා. එහිදීයි මහාසංඝරත්නය මේ බව සදහන් කළේ. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි.
මෙම අවස්ථාවේ රජය කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉක්මන් නොවිය යුතු බව අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින්වහන්සේ පවසනවා.