බලපත්ර නොමැතිව නීති විරෝධීව ගබඩා කර තිබූ වෙනිවැල් කිලෝ ග්රෑම් අටසීයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඉංගිරිය අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ.
හොරණ බැල්ලපිටිය ප්ර දේශයේදී වෙනිවැල් කිලෝ සියයක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මහා පරිමාණයේ වෙනිවැල් මිලදී ගන්නා හොරණ අමරනාගොල්ල ප්ර දේශයේ ස්ථානයක් පිළිබද තොරතුරු හෙළි කර ගැනීමට හැකි වුණා. ඒ අනුවයි වැටලීම සිදු කෙරුණේ. බුලත්සිංහල, කලවාන, නෙළුව ආදී ප්රදේශවල පිහිටි රක්ෂිතවලින් නීති විරෝධි ලෙස මෙම වෙනිවැල් කපා රැගෙන එන බවටයි හෙළි වී තිබෙන්නේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.