2028 වසර වන විට චීන ආර්ථිකය ඇමෙරිකා ආර්ථිකය ඉක්මවා යන බව මහා බ්‍රිතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ආර්ථික වෙනස සිදු වන බවයි එම පර්යේෂණ වාර්තාව පවසන්නේ. 2033 වසරේදී චීනය ඇමෙරිකා ආර්ථිකය ඉක්මවා යන බවට මීට පෙර පුරෝකතනය කර තිබුණා. කොරෝනා වසංගතයේ බලපෑමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා ආර්ථික වර්ධනය ක්‍රමානුකූව ඇද වැටීම හේතුවෙන් චීනයට වසර 05 කට පෙර තම ඉලක්කය කරා යාමට හැකි වන බව පර්යේෂකයන් සඳහන් කරනවා. එසේම 2030 වසර වන විට ලෝකයේ තුන්වෙනි ආර්ථිකය බවට ඉන්දියාව පත්වන බවද මෙම වාර්තාවේ සඳහන්.