ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන දාහතරකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් ඉස්මතු වී තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය සමඟ මෙම රැකියා අහිමි වීම සිදු වෙමින් පවතින බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ආර්ථික සහන පැකේජයක් ලෙස ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 2.3ක මුදලක් වැය කිරීමට යෝජනාවක් ගෙනවිත් තිබුණද වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම රැකියා අහිමි වීම නවතා ගැනීමට නොහැකි වනු බවයි විචාරකයන් පවසන්නේ. මෙම මූල්‍ය පැකේජය මුදල් අපතේ යැවීමක් ලෙසට හඳුන්වා දෙමින් එය අත්සන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.