fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ නත්තල් උත්සවයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2020 10:03

නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ නත්තල් උත්සවයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගියා.

බොකෝහරාම් ත්‍රස්ත සංවිධානය විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුලු පිරිසක් තුවාල ලබා ඇති අතර උත්සවයේ තිබූ සියලු දේපළ ත්‍රස්තවාදීන් කොල්ල කා ඇති බවයි වාර්තා වන්නේ.

කිතුණු තරුණ සංවිධානයක්,  සංවිධානය කළ නත්තල් උත්සවයකට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. බොකෝහරාම් ත්‍රස්තවාදීන් බෝනෝ ප්‍රාන්තයේ පසුගිය කාලය තුළ වෙඩි තැබීම්,  ළමුන් පැහැර ගැනීම් ඇතුලු ත්‍රස්ත ක්‍රියා රැසක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2020 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්