නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙන්නප්පුව සහ මාරවිල කර්යාලයන්හි නිලධාරීන්ට ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මාරවිල නගරයේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තිබී වයින් මිලිලීටර් හතළිස් දහසක් සහ ඒවා නිපදවීමට යොදා ගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුට එරෙහිව මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.