කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා ශීත සෘතුවේ ක්‍රියාත්මක සියලුම හිම ක්‍රීඩා කිරීමේ ස්ථාන වසා දමන ලෙස දකුණු කොරියා රජය නියෝග කර තිබෙනවා.
3 වන වටයේ වෛරස ව්‍යාප්තියක් දකුණු කොරියාව තුළ ඇති වීම වැළැක්විම සඳහා මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ අනුව අනිද්දා සිට ජනවාරි 3 වනදා දක්වා දකුණු කොරියාවේ පිහිටුවා ඇති සියලුම හිම ක්‍රීඩා කිරීමේ ස්ථාන වසා දමනු ඇති. ශීත සෘතුව තුළදී සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් හිම ක්‍රීඩා කිරීමේ ස්ථානවලට පවතින අතර මෙම නියෝගයත් සමඟ සිය ආදායම් මාර්ග ඇණ හිට ඇති බවට එම මධ්‍යස්ථාන භාරකරුවන් චෝදනා කරනවා. සෝල් නගරයෙන් ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තා විමත් සමඟ එය පැතිරීම වැළැක්වීම සඳහා ඊයේ දිනයේ සිට පුද්ගලයන් 4 දෙනෙකුට වැඩි කණ්ඩායම් රැස්වීම ද එරට තුළ තහනම් කර තිබෙනවා.