සමාජ මාධ්‍යය නියාමනය කිරීමට අදාළව සංසරණය වන තමන්ගේ ප්‍රකාශය වැරැදි සහගත අයුරින් අර්ථනිරූපනයට ලක් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනය කරනවා.
රජයේ අරමුණ වන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් කිසිසේත් ලියාපදිංචියට ලක් කිරීම නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. ඩිජිටල් බහුජාතික සමාගම් ක්‍රියාත්මක කරමින් සිටින ආක්රමණකාරී වැඩපිළිවෙළට එරෙහිව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. මෙරට සමාගම් පද්ධතියට හානි සිදු කරමින් මෙම බහුජාතික සමාගම්වල වැඩපිළිවෙළ පාලනය කිරීම සදහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනෙනු ඇති. මෙවැනි නියාමන වැඩපිළිවෙළක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන හිමිකරුවන්ද පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා සදහන් කළා. ඩිජිටල් තාක්ෂණික මෙවලම් ඔස්සේ බහුජාතික සමාගම් නිසා මෙරට ධනය විදේශයන්ට ගලායාම බරපතළ ගැටලුවක් වී ඇති බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ. එබැවින් විදේශීය ඩිජිටල් තාක්ෂණ ආයතන ලියාපදිංචි කිරීම ඔස්සේ නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී කිසිදු විටෙක සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් නොකරන බවද අමාත්‍යවරයා කියා සිටිනවා.