කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ වවුනියාවේ පාසල් 05ක් යළි විවෘතයි
Related Articles
කොරෝනා හේතුවෙන් සතියක කාලයක් වසා දමා තිබූ වවුනියාවේ පාසල් 05 ක් අද සිට යළි විවෘත කළ බව වවුනියාව කලාප අධ්‍යපන අධ්යක්ෂ රාධා ක්‍රිෂ්ණන් මහතා පවසනවා.
සෞඛ්‍ය උපදෙස් මත පාසල් කටයුතු සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර කෝවිඩ් 19 හේතුවෙන් වසා තැබුණු නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලයද අද විවෘත කෙරුණා.
එහෙත් ළමයින්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළේ.