fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේපාල පාර්ලිමේන්තුව විසිරුවා හැරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2020 17:27

නේපාලයේ පාලක පක්ෂය තුළ මත ගැටුම් උග්‍රවීමත් සමගම එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඔලීගේ නිර්දේශ මත ජනාධිපති බිද්යා දේවි බණ්ඩාරි  පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කළ බවයි නේපාල දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ. අද උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා. කෙසේ වුවද අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඔලී හට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. 2017 වසරේ පැවති මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා 275 දෙනෙකු තේරී පත්වූ අතර නැවත මැතිවරණයක් පැවැත්වීමට තිබුණේ 2022 වසරේදීයි. කෙසේ වුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග මැතිවරණය එළඹෙන වසරේ අප්‍රේල් 30 වන දින හා මේ මස 10 වන දින අතර කාලයතුලදී පැවැත්වෙනු ඇති බවයි ජනාධිපතිවරයා නිවේදනය කරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2020 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්