ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම් පොළොන්නරුව සහ තංගල්ල ප්‍ර දේශවලදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මින්නේරිය ආසන බලමණ්ඩල හමුව බකමුණ නගරයේ දී පැවැත්වුණා. පොදුජන පෙරමුණ පිහිටුවා වසර 4ක් සපිරීම වෙනුවෙන් පක්ෂය වටා ඒකරාශී වී සිටින ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්,පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වී සිටියා.
මේ අතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණු තංගල්ල ආසනබල මණ්ඩල රැස්වීම අගුණුකොළ පැලැස්සේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සහ උපුල් ගලප්පත්ති,අජිත් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද එම අවස්ථාවට එක්වුණා.