fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ රෝහලක ඇතිවූ ගින්නකින් කොරෝනා රෝගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2020 10:38

තුර්කියේ රෝහලක ඇතිවූ ගින්නකින් කොරෝනා රෝගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පුපුරායාම හේතුවෙනුයි මෙම ගින්න හටගෙන ඇත්තේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 8 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් එක් අයෙකු වෙනත් රෝහලකට රැගෙන යමින් සිටියදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගින්න හේතුවෙන් වෙනත් කිසිඳු අයෙකුට හානියක් සිදුව නැහැ. මේ වන විට තුර්කියෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20කට ආසන්න පිරිසක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 17,610ක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2020 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්