කුඹුරු අක්කර 1400කට ජලය සැපයෙන ගල්ගමුව සියඹලන්ගමුව ඇල ව්‍යාපෘතියේ කටයුතු යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500ක්.
ගල්ගමුව පාළුකඩවල දෙවන පියවරේ කුඹුරු අක්කර දහසකට හා මහගල්ගමුව ව්‍යාපාරයේ කුඹුරු අක්කර 400කට ජලය සම්පාදනය කිරීමේ අරමුණෙන් සියඹලන්ගමුව ඇල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ 2014 වසරේයි. එහෙත් පසුගිය රජය සමයේ එහි කටයුතු අඩාල වූ අතර මේ හේතුවෙන් ගොවි ජනතාව අසීරුතාවට පත්වුණා. කිලෝමීටර 15ක දුරකින් යුත් ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගනු ලැබුවේ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු අවබෝධකර ගැනිමත් සමගයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තාරානාත් බස්නායක මහතා හා වාරිමාර්ග නිලධාරීන් එහි කටයුතු නිරීක්ෂණය කළා. ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට තම ප්‍රසාදය පළකර සිටිනවා.