රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන අතරතුර වැඩි වශයෙන් රැකියා අවස්ථා උත්පාදන ව්‍යාපෘති කෙරෙහි ද අවධානය යොමු කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයින්ගෙන් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ රත්නපුරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
ගම සමග පිළිසදරක් තුළින් වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහනේ සබරගමු පළාත් කමිටු සාකච්ඡාව සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මැතිඇමතිවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් මීට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5ubQVRIEAl4″]