ෆීජී දූපත්වලට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් ප්රදේශ ගණනාවකට දැඩි අලාභ සිදුව ඇති බව වාර්තා වනවා.
පස්වන කාණ්ඩය දක්වා වර්ධනය වූ යසා සුළි කුණාටුව හේතුවෙන් නිවාස මෙන්ම වගා බිම් රැසක් ද විනාශ වී ගොස් තිබෙනවා. දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මහා මාර්ග යටවී ගොස් ඇති අතර ගමානගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.
විපතට පත් වූවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සදහා සහන කණ්ඩායම් යොදවා ඇති අතර ගං වතුර හේතුවෙන් සහන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.