fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය බුද්ධියේ හිටපු අධ්‍යක්ෂක නිලන්තගේ ජංගම දුරකතනයේ දත්ත හොයන්න බැරිවෙන්නම මකලා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2020 16:54

රාජ්‍ය බුද්ධියේ හිටපු අධ්‍යක්ෂක නිලන්තගේ ජංගම දුරකතනයේ දත්ත හොයන්න බැරිවෙන්නම මකලා

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ ඇති දත්ත යළි උත්පාදනය කිරීමට නොහැකිවන ලෙස විනාශකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වෝහාරික විශ්ලේෂණයේ දී තහවුරු වුණා. මෙම කරුණු හෙළිවූයේ එම දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතා, පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීයි.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් කුමාර – නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය වෝහාරික විශ්ලේෂණයක් සඳහා මට ලබාදෙනකොටත් ඒකේ දත්ත මකාදමල තිබුණෙ. මේ නිසා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ තොරතුරු මේ ජංගම දුරකතනයේ තියෙනවද නැද්ද කියලා හොයන එකට බාධා මතුවුණා. නිලන්ත ජයවර්ධන මහත්තයගෙ ලැප්ටොප් එකත් පරීක්‍ෂා කළා. ඒකෙ ගොනු ලක්‍ෂ 26 ක් විතර තිබ්බා. පාස්කු සිද්ධියේ විමර්ශනවලට අදාළවන ගොනු 210 ක් මම මේ කොමිසමට ලබාදීමට කටයුතු කළා. නමුත් මේ ගොනු බොහොමයක කරුණු පසුකාලීනව වෙනස් කිරීමකට ලක්කරල තියෙනවා.
කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා – ජංගම දුරකතනය ඒ විදිහට තියෙන එක ගැන ඔබ නිලන්ත ජයවර්ධන මහත්තයගෙන් විමසා සිටියෙ නැද්ද?
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් කුමාර – මම විමසීමක් කළා, ඔහු කිව්වා ජංගම දුරකතනය බිරිඳට භාවිතය සඳහා ලබාදීමට අවශ්‍ය බැවින් එහි දත්ත ඉවත් කළා කියලා.
අභියාචනාධිකරණ විනිසුරුවරයා – ඔබගේ අවසන් නිගමනය ජංගම දුරකතනයේත්, ලැප්ටොප් පරිගණකයේත් දත්ත මකාදාල කියලද?
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් කුමාර – පළමු ප‍්‍රශ්නයට උත්තරය නම් ඔව්. පැරණි දත්ත මකලා. නමුත් ලැප්ටොප් පරිගණකයේ මකාදැමූ ඇතැම් දත්ත ප‍්‍රති උත්පාදනය වනවා. මේක මම අන්තර්ජාලයකට හෝ වෙනත් ජාලයකට සම්බන්ධවෙලා බැලූවෙ නැහැ. ඒක කරන්න අවසරයක් ඕනෙ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2020 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්