පරිසර හිතකාමී පොහොර නියමු ව්‍යාපෘතියක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරුණා.
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ ආයතනය සහ ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් ආයතනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා.මේ යටතේ පරිසර හිතකාමී බයෝ ෆර්ටිලයිසර්ස් ජෛව පොහොර බිංගිරිය ප්‍ර දේශයේ ගොවීන් වෙත බෙදා දිම සිදු කෙරුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර විසි දහසකට මෙම පොහොර ලබාදීමට නියමිතයි. ඉදිරියේ දී දිවයින පුරා වී ගොවීන්ට මෙම පොහොර ලබාදීම අපේක්ෂාව බවයි අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ.