fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2020 08:58

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 53 කින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්. කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමටයි තීරණය කළේ. සොයිබ් මලික් ලකුණු 46 ක් සහ නායක තිසර පෙරේරා ලකුණු 39 ක් වාර්තා කිරිමට සමත් වුණා.

පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු තුනක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 135 ක් ලබාගත්තා. නායක භානුක රාජපක්ෂ ලකුණු 40 යි. අසාම් ඛාන් ලකුනු 36 ක් වාර්තා කිරිමට සමත් වුණා. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමටයි ජැෆ්නා ස්ටැලියන්ස් පන්දු යවන්නන් කටයුතු කළේ. සොයිබ් මලික් , උස්මාන් ශින්වාරි කඩුලු‍්‍ර දෙක බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

තරගාවලියේ වීරයා වනිදු හසරංග. අවසන් මහා තරගයේ වීරයා ලෙස සොයිබ් මලික් සම්මාන ලැබුවා.

එල් පී එල් තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමි වුණේ වසන්තම් ටී වී නාලිකාවට . ස්වාධීන රූපවාහිනිය , ලක්හඬ සහ වසන්තම් එෆ් එම් ඔස්සේ තරගාවලියේ විශේෂ අවස්ථා විකාශයට කටයුතු කළා. තරගාවලිය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ලබාදුන් සහය අගය කරන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2020 08:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්